ඔබ සැවොම දන්නා පරිදි, අපේ පදනමේ සාමාජිකයින් සහ විවිධ නෑ හිත මිතුරන් ගේ සහභාගීත්වයෙන්, අපි දුශ්කර පළාත ක දරුවන් ට, පාසල් පොත් බෙදා දීමේ මහ දැවැන්ත පිoකමක් සිදුකළා පසුගිය පෙබරවාරි
17 වෙනිදා..
මහ විශාල ප්රයත්නයක් දැරුවා අපි කිහිප දෙනෙක් මූලික වෙලා… ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රිද්ම පදනමේ සාමජික භවතුන් සහ අප පදනමේ සාමාජික යුවළක් වන කිත්සිරි සහ අරුන්දි ද සිල්වා යුවළගේ මහත් ධන පරිත්‍යාගයෙන් සහ තව බොහෝ අය සම්බන්ධීකරණය කරගෙන….
ඒ අයගේ ත් මහත් ධන පරිත්‍යාගයෙන් මෙය අපට කළ හැකි වූවා..
අප්‍රතිහත ධෛර්යය තියෙනවා නම් සහෝදර, සහෝදරියනි, කරන්න බැරි දෙයක් නෑ…මේ ලෝකෙ…
ඒ වගේම එකමුතු……
වුනා ම කරන්න බැරි දෙයක් නෑ…ඒ ලැබෙන ශක්තියෙන්.
ඉතින් අපි අවසානයේ , සීට් 26 යේ බසයක යෑමට පිටත් වුනා..
අපි මුලින් ම ගියේ අපේ තඹලගමුව, ගල්මැටියාව දකුණ, ” කුරුළුපැන්න – 95 ” ගම්මානයට යි..
එම ගමේ දරුවන් 76 කට ත්, මිහිඳු පුර විද්‍යාලයේ දරුවන් ට ත්, අග්‍රබෝධි විහාරයේ දහම් පාසලේ දරුවන් කිහිප දෙනෙකුට ත් එහිදී පොත් බෙදා දුන්නා…
ඉන් ඉක්බිතිව, අපි කන්තලේ, පේරමඩුව විද්‍යාලය වෙත ගොස් එම දරුවන් ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල් පරිත්‍යාග කළා..
පොත් කලින් ලැබුනා කිව්වා, එම ප්‍රින්සිපල් සර්..( හරිම අවoකයි . transparent ).
එහිදී සිදුකළ ප්‍රසන්න ම පරිත්‍යාගය නම්, පේරමඩුව පෙර පාසැල් දරුවන් 25 ක ට පොත්, පැන්සල්, පැස්ටල්, ඉරේසර්, කටර් ආදිය සමඟ ක්‍රීඩා උපකරණ ත් පරිත්‍යාග කිරීමයි..
අපට දවස පුරාවට ම නොයෙක් මාදිලියේ කෑම වර්ග සහ බීම, තේ පැන් ආදිය ගමේ අය ගෙන් ලැබුනා..
පොත් පත් ප්රදානය, සමස්ථයක් වශයෙන් ගත්ත ම .. අති විශිෂ්ඨ ජයග්‍රහණයක්.
මේ සෑම දෙයකම ඔබ සැමගේ දායකත්වය ( කිහිප දෙනෙක් හැරුනු කොට )..ගැබ් වී තිබුනා..ඔබ සැමට ත් පවුල්වල අයටත් බොහෝ පිo අත් වේවා..! කරන කියන දෙයක ජයෙන් ජය ම ලබත්වා..!




