Aranavihara.com

අරණ විහාරය

Buddhist Foundation Sri Lanka

01

අරණ විහාරය

Buddhist Foundation Srl Lanka

02

පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමි ශාස්ත්‍රපති (කැලණිය), රාජකීය පණ්ඩිත (ප්‍රා. භා. ස), පණ්ඩිත (විද්‍යෝදය)

 

පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමියෝ ථෙරවාදී සම්ප්‍රදායේ අතිශයින් ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකි. පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමියන් ගෞරවාදරයට පාත්‍ර වන්නේ උන්වහන්සේගේ දැඩි විනය පිළිපැදීම, භාවනාව කෙරෙහි ගැඹුරු කැපවීම සහ ආදි බුද්ධ ශ්‍රාවකයන්ගේ ක්‍රියාවලට සමානවය.

අරණ විහාර පදනම ශ්‍රී ලංකා

මීට වර්ෂ දෙකකට පමණ පූර්වයෙහි මා විසින් අරණ විහාර පදනම පිහිටුවා මෙම සදහම් සේවාව අරඹන ලදුයේ බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්තිථිය හා ආරක්‍ෂාව තහවුරු කිරීමේ පරම අපේක්‍ෂාවෙන් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලී ව පෙළ ගස්වා නායකත්වය ලබාදීම පිණිස, ගෝලීය අභියෝග ජයගත හැකි උත්තරීතර භික්‍ෂු පරපුරක් නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූල ව කටයුතු කරණ බෞද්ධ සමාජයක් බිහි කිරිමට අවශ්‍ය පරිසරය සකස් කොට රට ජාතිය නඟා සිටුවීමට නායකත්වය ලබාදීමට මූලික පියවරක් වශයෙනි. ඒ අනුව, අද වන විට ක්‍රම ක්‍රමයෙන් අපගේ අරමුණු පරමාර්ථ මල් ඵල ගැන්වෙන අතර මෙම ශක්තිමත් පවුර වටා එක්වන ඔබ සැමදෙනා මා මෙත් සිත් පෙරටුව මෙහි දී පිළිගනිමි. අපගේ මෙම ශක්තිමත් වැඩපිළිවෙල තුළ කිසිදු ජාති භේදයක් නොමැත. ආගම් භේදයක් නොමැත. භාෂා භේදයක් නොමැත. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි තථාගත ශාසනය ඕනෑම අයෙකුට විවෘත ය. එහෙයින් මෙම වටිනා ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත, අභිවෘද්ධිය සඳහා ය. එම නිසා අපි සැවොම එකතුව සම්බුදු පණිවිඩය මැනවින් උගෙන ධාරණය කර ගනිමු. ඒ අනුව අපගේ ජීවිත ද හැඩගස්වා ගනිමු. අන් අයට ද එම සදහම් පණිවිඩය දායාද කරමු. මෙය තත්කාලීන යුගයේ අප සතු ව පවතින කාර්යභාරය යි

අරණ විහාර පදනමේ දර්ශනය

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මනස සුවපත් කිරීම

පරිත්‍යාග වැඩසටහන්<span data-metadata="">