මධුමාලි මහත්මියගේ මිතුරු ආචාර්‍ය වසන්ත බණ්ඩාර මහතා ගෙන් , අත්‍යාවශ්‍ය පන්සලක ට හෝ ආරණ්‍යය කට පූජා කිරීම පිණිස, අජන්ත වෙත , විදුලි බුබුළු 6 හයක් දැල්විය හැකි Solar Panel එකක් ලැබුනු අතර ..එය මෙතෙක් දවස්, අප ” අරණ විහාර පදනම ” හි ඉන්ජිනේරු ලාල් මහතා ළඟ සුරක්ශිතව තිබුනා, සුසුසු ම, අවස්ථාව ලැබෙනතෙක්…
අප බෞද්ධ කල්‍යාණ මිත්‍ර සoගමය විසින් 2016 වසරේ කඨින පිoකම සිදු කළ අනුරාධපුර සාම විහාරයේ, උගත්, ගුණවත්, බුල්නෑවේ ධම්මික ස්වාමීණ් වහන්සේට , ඊයේ දින පූජා කරන්න ට අවස්ථාව ලැබුනා.
අප විසින් පූජා කළ, උන්වහන්සේ වැඩ සිටින ආවාස ගෙයි දැනට අවුරුද්දක පමණ කාලයක් විදිලිය නොතිබූ අතර, වළිසිoහ හරිශ්චන්ද්‍ර පාසැලේ අවුරුදු ගණනාවක් උප විදුහල්පති ලෙස ත් දරුවන් ට ඉoග්‍රීසි උගන්වන ගුරුහිමි නමක් ලෙසත් රාත්‍රියේ පොත්පත් කටයුතු කිරීමේ දී සහ සැතපීමේදී දුශ්කරතා වලට නිහඬව මුහුණ දුන් උන්වහන්සේ , මෙපමණ කලක් අවුරුදු 8 ක් පමණ අප දෙදෙනා ව, ආශ්‍රය කළත්, ඊයේ දින පෙරැත්ත කරමින් විමසූ විට පමණයි අප දෙදෙනා ට සැබෑ තත්වය පැවසුවේ…
අජන්ත වහාම ක්‍රියාත්මක වෙලා ලාල් අයියා සමඟ කතිකා කරගෙන ඊයෙ රාත්‍රියේම ධම්මික හිමිට එය පූජා කරමු යැයි පැවසුවා..
අපි හැමෝට ම සතුටු විය හැකි…ඔබ අප සැමට ම පින් රැස් වෙන පිංකමක් ඒ සිදුවුනේ…
දායකයන් අතර ප්‍රසිද්ධ වන, දහමෙහි සත්‍යයෙන් ම හැසිරෙන, කැපවීමෙන් දරුවන් ගේ ඇස් පාදන, උගත්, නැණවත් , තරුණ භික්ශූන් වහන්සේලා ට සමහර වයස්ගත ස්වාමීණ් වහන්සේලා ගෙන් සිදුවන බාධාවන් පැහැදිලි කරන තවත් එක් අවස්ථාවක් ධම්මික හිමි මුහුණ දී ඇත්තේ..
ඒවා කෙසේ වෙතත් අපි ශාසනය රකින හිමිවරු ආරක්ශා කරමු..
උන්වහන්සේලා අගය කරමු,..රැක බලා ගමු…


